Ludo

2 views
7 months ago

අඳුරන්නෙ නැති උනත් එදිනෙදා අපේ ජීවිත වලට සම්බන්ධ කී දෙනෙක් නම් ඇත්ද? ඇත්තටම සමහරුන්ගෙ ජීවිත ලූඩෝ සෙල්ලමක් වගේ තමයි. මෑත කාලයේ උන්මාදයක් වුණ ලූඩෝ ක්‍රීඩාව පදනම් කරගෙනයි ලූඩෝ සිනමා පටය නිර්මාණය වෙන්නෙ. ලූඩෝ පුවරුවක ඇති වර්ණ හතරේ ඉත්තන් කිසිම විටෙක එකිනෙකා හා බැඳීමක් නෑ. නමුත් එකිනෙකා හා ගැටෙමින් සෙල්ලම දිගටම කරගෙන යනවා. මේ ලූඩෝ සිනමා පටයේ තිබෙන්නෙත් සමාජයේ නන්නාඳුනන නමුත් එකිනෙකා හා ගැටෙමින් ජීවිත සටනේ යෙදෙන කතා හතරක් ගැන...

මේ අරුම පුදුම තේමාව ඔස්සේ කතා කිහිපයක් ගොඩ නගමින් මෙය සිනමාවට නගන්නේ සම්මානනීය සිනමාකරු අනුරාග් බාසු විසින්. අති දක්ෂ ප්‍රවීණ ශිල්පීන් වන පන්කජ් ත්‍රිපාඨී, අභිෂේක් බච්චන්, නව පරපුරේ ජනප්‍රිය ශිල්පීන් වන ආදිත්‍ය රෝයි කපූර්, රාජ්කුමාර් රාඕ, ෆාතිමා සානා සහ සාන්යා මල්හෝත්‍රා සමගින් නවක නළු රෝහිත් සරෆ් හා, දකුණු ඉන්දීය නිළි පර්ලි මානී මෙන්ම ළමා නිළි ඉනායත් වර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙනවා. ප්‍රහසන, අපරාධ කාණ්ඩයට අයත් වන මෙම නිර්මාණයට සංගීතය මුසු කරන්නේ ප්‍රීතම් විසින්.

Showing the single result